![]() |
දෙමළ මවගේ දරුවන් වන ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාව සිංහල භාෂාව කතා කිරීම අගය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි "විවිධ භාෂා කතා කරන විවිධ ජනකොටස් එකට සාමුහිකව ජීවත්වීම තරම් අගනා දෙයක් තවත් නැතැයි" කියා සිටියේය.
ඉන්දීය අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ වතුකරයේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාව අමතමිනි.
අද (මැයි 12) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුන ජාත්‍යන්තර වෙසක් සමුළුවට සහභාගී වූ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව මධ්‍යම කඳුකරය බලා පිටත් වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද සමඟය.
අගමැති මෝදි එම සංචාරයේ දී ඉන්දීය මූල්‍ය ආධාරය ඇතිව ඉදි කරන ලද දික්ඔය රෝහලේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය.

අගමැති නරේන්ද්‍ර මෝදි වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේ දී පහත සඳහන් කරුණු කෙරෙහිත් සිය අවධානය යොමු කළේය.
- කොළඹ හා ඉන්දියාවේ 'වාරානසී' (බරණැස) අතර එයාර් ඉන්දියා සමාගමේ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම
- ඉන්දීය ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස බස්නාහිර හා දකුණු පළාත්වල නොමිලේ ක්‍රියාත්මක වන 'සුවසැරිය ගිලන් රථ සේවය' ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත්වලටත් ව්‍යාප්ත කිරීම
- ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සහ 'යෝග ව්‍යායාම දියුණු කිරීම සඳහා සහයෝගය දීම
සිය කතාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති නරේන්ද්‍ර මෝදි, තේ අපනයනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වෙනි තැන හිමිකර ගන්නා බව පවසමින් එමගින් රටට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමයක් උපයා දෙමින් ශ්‍රී ලංකා තේ සන්නාමය පිටුපස සිටින වතුකරයේ ජනතාවට සිය ගෞරවය හා ස්තුතිය පුද කරන බවත් සඳහන් කළේය.
වතුකරයේ ජනතාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙලට සිය රජයේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ඉන්දීය අගමැතිවරයා පවසයි.
තමිල්නාඩුවේ හිටපු මහඇමති, ජනප්‍රිය චිත්‍රපට නළු එම්.ජී.රාමචන්ද්‍රන් ශ්‍රී ලංකාවේ වතුකරයේ ජන්ම ලාභය ලද බව සිහිපත් කළ අගමැති නරේන්ද්‍ර මෝදි, ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ද එම ජනතාව අතරින් බිහිවූ ක්‍රීඩකයකු බවත් සඳහන් කළේය.
BBC

0 comments:
Post a Comment