Sunday, May 14, 2017

අයිවරි කෝස්ට් අගනුවර දෙසට විශාල හමුදා සේනාංකයක්




අයිවරි කෝස්ට්හි 'බ්වාකේ' (Bouake) අගනුවර දෙසට විශාල හමුදා සේනාංකයක් ගමන් ගනිමින් ඇති බව වාර්තා වෙයි.
නොගෙවන ලද පාරිතෝෂික දීමනා ප්‍රශ්නයක් මුල්කර ගනිමින් අයිවරි කෝස්ට් හමුදා සෙබළුන් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 11)පටන් අගනුවර සිය ග්‍රහණයේ තබා ගෙන සිටින අතර එම හමුදා භටයන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් අඩුතරමින් පස් දෙනකුවත් තුවාල ලද බවක් ද වාර්තා වෙයි.
අගනුවර මහාමාර්ග පාලනය කැරලිකාර හමුදාවන් අතට ගෙන ඇත.
මේ අතර කැරලිකාර සොල්දාදුවන්ට එරෙහිව මහජන මතය පළවීමත් සමඟ අගනුවර දෙසට ඉහත කී හමුදා සේනාංකය ගමන් ගනිමින් සිටින බව අයිවරි කෝස්ට් වාර්තා මගින් පැවසෙයි.
කැරලිකාර භටයන් ඔවුන්ගේ ක්‍රියාව අත්හරින්නේ නැත්නම් බරපතළ දඬුවම් පමුණුවන බවට අයිවරි කෝස්ට් යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී සේකු තෝරේ (Sékou Touré) අනතුරු අඟවයි.
තමන්ට පහර දුන්නොත් පෙරළා පහර දෙන බව කරලිකාර හමුදා කණ්ඩායමේ නායකයෙක් ප්‍රකාශ කර ඇත.

0 comments:

Post a Comment