ක්රිකට් ක්රීඩා ලෝකයේ දැවැන්තයන් දෙදෙනකු වන පාකිස්තාන් ජාතික ක්රිකට් කණ්ඩායමේ නායක මිෂ්බා-උල් -හක් සහ හිටපු නායක යුනිස් කාන් ටෙස්ට් ක්රිකට් ක්රීඩාවෙන් සමුගත්හ.
බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඩොමිනිකා හි දැන් පැවැත්වෙන තුන්වෙනි ටෙස්ට් තරඟයේ සිය දෙවන ඉනිම නිමාවේ පිටියෙන් සමුගත් ක්රීඩකයන් දෙදෙනා සිය ක්රිකට් ලෝලීන්ගේ පමණක් නොව ප්රතිවාදී කණ්ඩායමේ ද ගරු බුහුමනට ලක්විය.
මිෂ්බා-උල් -හක් සිය ක්රීඩා විශ්රාමය ප්රකාශයට පත්කරන ලද්දේ මාසයේය.
පාකිස්තාන් කණ්ඩායමේ වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන යුනිස් කාන් 2009 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී සිය කණ්ඩායම ජයග්රහණය කරා සාර්ථකව මෙහෙයවීය.
2000 වසරේ ශ්රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් ක්රිකට් තරඟයට සහභාගී වූ යුනිස් කාන් තරඟ 115 කදී දසදහසකට ආසන්න ටෙස්ට් ලකුණු සංඛ්යාවක් වාර්තා කර ඇත.
2001 වසරේ නවසීලන්තයට එරහිව සිය ටෙස්ට් ක්රිකට් ජීවිතය පටන්ගත් හතළිස් දෙහැවිරිදි මිෂ්බා-උල් -හක් විස්ඩන් ක්රිකට් සඟරාව මගින් වසරේ ක්රීඩකයන් පස් දෙනාගෙන් එක් ක්රීඩකයකු හැටියට නම්කර ඇති අතර 2010 වසරේ කණ්ඩායමේ නායකත්වය භාරගනු ලැබීමෙන් අනතුරුව ටෙස්ට් ක්රිකට් තරඟ පනස් තුනකට සහභාගී විය.
ක්රීඩකයන් දෙදෙනා පිටියෙන් සමුගත් මොහොතේ සෙසු පිතිකරුවෝ පිති ඔසවා සාමූහිකව ඔවුන්ට ආචාර කළහ.

0 comments:
Post a Comment