Monday, May 15, 2017

උතුරු කොරියාව අත්හදා බැලුවේ "අලුත් මිසයිලයක්"




යේ (මැයි 14) අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත යුද ශීර්ෂයක් ගෙන යාහැකි නව වර්ගයක මිසයිලයක් බව උතුරු කොරියාව පවසයි.
කිලෝ මීටර 2000ක් ඉහළට විද ඇති මෙම මිසයිලය කිලෝ මීටර 700ක් දුරගෙවා ජපන් මුහුදේ බටහිර කලාපයට පතිතවී තිබේ.
මෙය "අලුතින් සංවර්ධනය කරන ලද බැලිස්ටික් රොකට්ටුවක" බලය අත්හදා බැලීමක් බවත් එය සැලසුම්කළ පරිදි සාර්ථක වූ බවත් උතුරු කොරියාව අද ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව කියා සිටින්නේ මේ බව තවමත් තහවුරුවී නොමැති බවය.

පෘථිවි වාතලයෙන් එපිටට

කෙසේ නමුත් උතුරු කොරියාව ඊයේ අත්හදා බැලූ මිසයිලය පෘථිවි වාතලයෙන් එපිට ගොස් නැවත වාතලයට ඇතුළුවීමේ හැකියාව සහිත මිසයිලයක් විය හැකිබවට පෙනෙන්නට ඇතැයි දකුණු කොරියාවේ යෝන්හැප් පුවත් සේවය වාර්තා කළේය.
එම හැකියාව, අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) සංවර්ධනය කිරීමෙහි ලා අතිශය වැදගත් නිර්නායකයක් වනු ඇත.

මෙම වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් ඒ සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත.
එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.
මෙම තත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ජපානය සහ එක්සත් ජනපදය ඉල්ලීමක් කර තිබේ.
ක්‍රියාකරන ආකාරය

0 comments:

Post a Comment