Thursday, May 18, 2017

කෙල්ලෝ හයක් එක කොල්ලෙක් එක්ක සෙට් වෙලා කරපු දෙවල්



ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ උකස් ආයතනයකට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ශාඛා කිහිපයක සේවය කළ තරුණියන් හය දෙනෙකු හා තවත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ


සැකකාර තරුණියන් හයදෙනා සහ තරුණයා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට පෙරේදා (16 ) ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා උකස් ආයතනයේ සේවකයෙකු නොවන අතර ඔහු මෙම තරුණියන් සමීපව ඇසුරු කරමින් වංචාවට සහයෝගය ලබාදී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මාස හතක පමණ කාලයක් තුළ මොවුන් මෙම සොරකම් සිදුකර තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සැකකරයි.
සැකකර තරුණියන් මැණික්දිවෙල, වාගොල්ල, තලාතුඔය, මහනුවර හා හඟුරන්කෙත පදිංචිකරුවෝ වෙති. සැකකරු බලගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.



0 comments:

Post a Comment